Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
ඔබව පුදුමයට පත් කරවන ලෝකයේ ලොකුම දේවල් තියෙන මිනිස්සු මෙන්න – ඡායාරූප | Gossip Lanka Sinhala News
Dec
25
ඔබව පුදුමයට පත් කරවන ලෝකයේ ලොකුම දේවල් තියෙන මිනිස්සු මෙන්න – ඡායාරූප

ඔබව පුදුමයට පත් කරවන ලෝකයේ ලොකුම දේවල් තියෙන මිනිස්සු මෙන්න – ඡායාරූප

10561 Views

ලෝකයේ විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා.ඒ වගේම විවිධ විශේෂතාවයන් සහිත පුද්ගලයින් අපි අතරත් ඉන්නවා.අද අපි මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ ලෝකයේ ලොකුම දේවල් තියෙන මිනිස්සු සම්බන්ධයෙනුයි.ලොකුයි කියලා කියන්නෙ එසේ මෙසේ ලොකු වීමක් නම් නෙවෙයි.

මීටර් පහක් දිග කොණ්ඩය!

කෙස්කළඹ කියන්නේ තරුණියකට වාසනාවක්. ලෝකයේ දිගින් වැඩිම කෙස් කළඹ හිමිව ඇත්තේ චීන ජාතික කාන්තාවකටයි. ඇගේ නම Xie Qiuping. 1960 වසරේ උපත ලබා ඇති ඇය කොණ්ඩය වවන්නට පටන් ගෙන තිබෙන්නේ වයස අවුරුදු 13දීයි. දැන් ඇගේ කොණ්ඩයේ මුළු දිග මීටර් 5 ඉක්මවා තිබෙනවා. ඇය පවසන්නේ මෙවන් කොණ්ඩයක් සමග ජීවත්වෙන්නට අසාමාන්‍ය ඉවසීමක් සහ කැපවීමක් තිබිය යුතු බවයි.



ශරීරයට මෙහෙමත් දුකක්!

ලෝකයේ විශාලම කන් සිදුර සහිත මිනිසා වාර්තා වෙන්නේ හවායි දූපත්වලින්. ඔහුගේ නම කලවෙලො කයිවි. ඔහුගේ කන් සිදුරේ වට ප‍්‍රමාණය සෙන්ටිමීටර් 10.5ක් බවට මැන බලා තිබෙනවා. ශරීරයේ විවිධ ස්ථානවල සිදුරු සකසා ගැනීම ඔහු අයත් ජන වර්ගයේ සිරිතක්.

ශරීරය නවීකරණය කරගැනීමේ විලාසිතා සඳහා ඔහු දක්වන්නේ විශාල උනන්දුවක්. හිසෙහි යකඩ අං දහයක් සවිකරගෙන ඇති මොහු මුහුණේ විවිධ ස්ථානවල යකඩ කරාබු සවිකරගෙන සිටින අතර මුලූ සිරුරම වැසෙන ආකාරයට පච්ච කෙටීමද සිදු කරගෙනයි සිටින්නේ. කටු සහ යකඩ උපකරණවලින් විදීමේදී ඇතිවන වේදනාවට තමන් පෙම් බඳින බව ඔහු පවසනවා.

දැකලා තියෙනවද මෙහෙම ලොකු ඇස් ?

ලෝකයේ වැඩි වශයෙන්ම ඇස් පිටතට නෙරා ඇති පුද්ගලයා ලෙස ගිනස් පොතට එකතුව සිටින්නේ කිම් ගෝඞ්මන් නැමැති ඇමෙරිකානු ජාතික කාන්තාවක්. ඇගේ ඇස්, අක්ෂි කුහරයෙන් පිටතට මිලිමීටර් 12ක් ඉදිරියට නෙරා තිබෙනවා.ගිනස් වාර්තාව සඳහා මෙය මැන ඇත්තේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි. ඒ විද්‍යා උපකරණ සහ තාක්ෂණය උපයෝගී කරගනිමින්. ගිනස් පොතට නම ඇතුලු කරගන්නට පුළුවන් වුණත්, මෙම අසාමාන්‍ය පිහිටීම නිසා ඇසට වන අනතුරු නම් බහුල වන බවයි ඇය පවසන්නේ.


ලෝකෙ ලොකුම දඩෝරියා.

බල්ලා තමයි මිනිසාගේ හොඳම හිතවතා. ගෙදරක බලු සුරතලෙක් සිටිනවිට සොරුන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. නමුත් මේ විදියේ බලු ආරක්ෂකයෙක් දුටුවොත් නම් සොරෙක් ගෙට එන්න තියා ගේ අසලින් යන්නවත් බිය වේවි.
ලෝකයේ උසම සුනඛයා හැටියට ගිනස් පොතට ගිය මේ සුරතලාගේ නම සීයුස්. ගේ‍්‍රට්ඩේන් වර්ගයේ සතෙක් වන මොහුගේ උස මීටර් එකයි සෙන්ටිමීටර් 11ක්.

මොහු කුඩා කළ සිට ඇමෙරිකාවේ පවුලක සුරතල් සතෙකු ලෙස වැඩෙනවා.



කටක් ද එහෙම නැත්නම් බෝක්කුවක්ද?.

ලෝකයේ කට පළලම එහෙම නැත්නම් කට ලොකුම තැනැත්තා සිටින්නේ ඇන්ගෝලාවේයි. ෆ‍්‍රැන්සිස්කෝ ඩොමින්ගෝ නැමැති මෙම පුද්ගලයාගේ කටේ වට ප‍්‍රමාණය සෙන්ටිමීටර් 18ක් වෙනවා.කිසිදු සැත්කමකට භාජනය වී නැති මේ විශේෂ කට උපතින් ඔහුට හිමිවී තිබෙන්නක්.

මේ ආකාරයට විවෘත කළ හැකි කටවල් තිබෙන්නේ සර්පයන්ටයි. සර්පයන් ලොකු සතුන් ගිල දමන ආකාරයට ෆ‍්‍රැන්සිස්කෝට බත් පිඟානක්ම උනත් එක කටට ගිල දමන්නට හැකි බවට ඔහුගේ මිතුරන් විහිලු කරන බව ඔහු පවසා සිටිනවා.


හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924