Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙසක් සමරයි – ඡායාරූප | Gossip Lanka Sinhala News
May
28
ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙසක් සමරයි – ඡායාරූප

ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙසක් සමරයි – ඡායාරූප

1644 Views

ඇමරිකානු ජනාධිපති  ජෝ බයිඩන් මහතා ප්‍රධාන  එක්සත් ජනපද රජය විසින්  ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය  ධවල මන්දිරයේ දී  පවත්වා තිබේ.

මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී  පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින්  සහභාගී වූ  ධවල මන්දිර දෙවැනි පෙළ  ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ  තේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ  නිකායේ හිමිවරුන්  ගේ සහභාගිත්වයෙනි.

තේරවාදී බුදුදහම නියෝජනය කරමින්  එම ඓතිහාසික අවස්ථාව ට සහභාගි වුයේ , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක , මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ය.

වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා  සහ  එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ  පහන් දැල්වීම සිදුකළ  හ.

මෙහිදී  ඩග්ලස් එම්හෝෆ් මහතා විසින්  , ඇමරිකානු ජනාධිපති  ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින  පණිවුඩය  ප්‍රකාශයට  පත්කළ අතර  ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ, ප්‍රධාන බෞද්ධ  උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී  දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය   ලෝක ජනතාව ට සිහිපත් කර සිටියේය.

මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම  සිදුකරන කාර්‍යභාරය ද ඩග්ලස් එම්හෝෆ් මහතා  අගය කර සිටියේය.

ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවයට  ඇමරිකානු රාජ්‍ය ලේකම්  ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබුණි.

උත්සවයේ දී අදහස් දැක්වූ  අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේ, ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය  ධවල මන්දිරයේ දී  පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු  රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924