Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
තමන්ගේ පාසලේ මිතුරන් සමග උපන් දිනය සැමරු සවුදි අරාබි සිසුවියන් 6 දෙනෙකුට ෂරීයා නීතියෙන් මරණ දඬුවම | Gossip Lanka Sinhala News
Oct
31
තමන්ගේ පාසලේ මිතුරන් සමග උපන් දිනය සැමරු සවුදි අරාබි සිසුවියන් 6 දෙනෙකුට ෂරීයා නීතියෙන් මරණ දඬුවම

තමන්ගේ පාසලේ මිතුරන් සමග උපන් දිනය සැමරු සවුදි අරාබි සිසුවියන් 6 දෙනෙකුට ෂරීයා නීතියෙන් මරණ දඬුවම

15759 Views

තමන්ගේ පාසල් මිතුරන් සමග උපන් දිනය සැමරු සවුදි ආරාබියාවේ සිසුවියන් හය දෙනෙකුට ලබාදී ඇති මරණ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලිමක් ඉදිරිපත් වී තිබෙනවා.

පුද්ගල ඝාතන, මංකොල්ල, දූෂණ සහ මත්ද්‍රව්‍ය ඡාවරම් සම්බන්ධයෙන් මෙයට පෙර සවුදියේ මරණ දඬුවම නියම කෙරුණ ද ප්‍රථම වරටයි පාසල් මිතුරන් සමග උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබෙන්නේ.

මෙම සිසුවියන්ට එරෙහිව පසුගිය ජුලි මාසයේ දී සවුදි අධකරණය මරණ දඬුවම නියම කළා.

එම දඬුවම නොවැම්බර් මස අවසායේ ක්‍රියාත්මක කරන බවයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සවුදියේ අල් කුවානි ප්‍රදේශයේදී සිදුවූ අතර උපන්දින සාදයක් පැවති අවස්ථාවේ දී මෙම සිසුවියන් සිය පන්තියේ සග මිතුරන් සමග එක්ව නර්ථනයේ යෙදී තිබෙනවා.

එය දුටු අසල්වැසියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිසුවියන් අත් අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් නඩුව විභාගය කෙරුණා.

ෂරියා නීතියට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සවුදි වාර්තා කියා සිටියේ.

කෙසේ නමුත් අදාළ නියෝගය යළි සලකා බලන ලෙසයි සිසුවියන්ගේ දෙමාපියන් එරට අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

ෂරියා නීතිය අනුව කටයුතු කළ ද මෙහිදී තම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

පුරුෂයන් පමණක් එක්ව මෙම නඩුව විභාග කර ඇති අතර අදාළ සිද්ධියට සම්බන්ධ සිසුන් මෙහිදී අවවාද කර මුදා හැර තිබෙනවා.

නමුත් මෙම සිසුවියන් හය දෙනාට පමණක් මරණ දඬුවම නියමවීම සවුදියේ කාන්තාවගේ නිදහස විදහා දක්වන බවයි දෙමාපියන් පෙන්වා දුන්නේ.

ජගත් සංවිධානය ඇතුළු රටවල් රැසක් මෙම නියෝගය හෙළා දැක තිබුණා.

මෙම අමානුෂික ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් බවයි ජගත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අතර සවුදියේ කාන්තාවගේ නිදහස සම්බන්ධයෙන් එරට රජයේ අවධානය යොමු වී වකවානුවක දී මෙම නියෝගය සම්බන්ධයෙන් ද රජයේ අවදානය යොමු කළ යුතු බවයි කාන්තා සංවිධාන ඉල්ලා සිටියේ.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924