
මහරගම-නාවින්න ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි අහිංසකයෙකුට තරු ගැසූ පොලිස් ලොක්කෙකු පැමිණ කණට ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතියි. ඊයේ දහවල් (6) පෝලිමේ සිටින මිනිසුන් වෙත පැමිණි මේ පොලිස් ලොක්කා ඔවුන්ට පවසා සිටින්නේ කෑන් වලට පෙට්‍රල් ලබා නොගන්නා ලෙසයි. එහිදී පෝලිමේ සිටින එක් පුද්ගලයෙකු පවසා සිටින්නේ තමාගේ වාහනය ඉන්ධන අවසන් වීම නිසා මග නරත වූ බැබින් කෑන් එකකට ප්රෙට්රල් රැගෙන නොයා වෙන කුමක් කරන්නද යනුවෙනි. එවිට යකා වැහෙන පොලිස් ලොක්කා ඔහු අසලට ගොස් කණට හා මුහුණට පහර දෙමින් කියා සිටින්නේ කතා කරන්න ඉගෙන ගන්නා ලෙසයි. ඉන්ධන පෝලිමේ සිටිනා මිනිසුන්හට බල්ලන්ට කතා කරන ආකාරයට කතාකරමින් අහිංසක පුද්ගලයෙකුට හේතුවක් නැතිවම පහර දුන් බවයි එහි සිටි සියල්ලන්ම පවසා සිටියේ. ජනතා මුදලින් නඩත්තු වෙන ආයතනයක ජනතාව රැකීම වෙනුවෙන් සිටිනා පොලිස් නිලධාරීන් මෑතක සිට මේ ආකාරයට නීතිය බල්ලාට යවමින් හැසිරෙන ආකාරය නම් ඉතා පිළිකුල් සහගත බවයි මේ පිළිබද අදහස් දක්වන බොහෝ දෙනා පවසා සිටින්නේ. වීඩියෝව නැරඹූ පුද්ගලයෙකු තැබූ සටනක ඔහු කියා සිටින්නේ “ලංකාවෙ පොලීසිවලනම් ඉන්නෙ.. 99%ම කිසිම මනුස්සකමක් අදුරන්නෙ නැති.., නිලඇදුම නිසා ඔළුව උදුම්මව ගත්ත කාලකණ්ණිම හැතිකරයක්.. මේක සල්ලි කාරයෙක් හරි.., දේශපාලක්ඤයෙක්හරි ආවනම් බලන්න තිබුන ඔව් සෑර් නෑ සෑර් කිය කිය දෙකට නැවෙන හැටි.. ඉස්සර කාලෙ ගමේ ආරච්චි එනකොට සාමාන්‍ය මිනිස්සු පාරෙන් අයින් වෙලා ලේන්සුව කරෙන් අතට ගන්න ඕන කියන එක, කුල භේද.., ගමේ ලොකු මිනිස්සුන්ගෙ පවුල්වල අයට විතරයි ඉස්කෝලෙ යන්න පුළුවන්, කලිසම් ශර්ට් අදින්න පුළුවන් වගේ අදහස් දැන් දැන් සමාජෙන් ඈත්වෙලා කිව්වට තාමත් ඒවයෙ අං කොං මේ සමාජෙම ඉතුරුයි.., නැත්නම් රජයෙන් පඩි ගෙවල ජනතා සේවයට කැපඋණු “කසිකබල් පොලිස් කාරයන්ට” මහජනතාව සර් කියන්න ඕනෙද.. ?, සාමාන්‍ය මිනිස්සුන්ට අතපය උස්සන්න උන්ට කොහෙන් දීපු අවසරයක්ද.. ?” යනුවෙනි. වීඩියෝව පහතින් බලන්න.
වීඩියෝව නැරඹූ පුද්ගලයන්ගේ අදහස් කිහිපයක් පහතින්.
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697