Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
මේ මහරගම ඉන්නවා නම් ඒ විදයට ඉඳපං හු** නැතුව හු*** පුතා.. ඕන දෙයක් කියපං ගිහිල්ලා බයවෙයි අපි – මහරගම රථවාහන අංශයේ පොලිස් ඩබලක් මහ දවාලේ දෙනෝ දාහක් මැද ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි (වීඩියෝ) | Gossip Lanka Sinhala News
Nov
21
මේ මහරගම ඉන්නවා නම් ඒ විදයට ඉඳපං හු** නැතුව හු*** පුතා.. ඕන දෙයක් කියපං ගිහිල්ලා බයවෙයි අපි – මහරගම රථවාහන අංශයේ පොලිස් ඩබලක් මහ දවාලේ දෙනෝ දාහක් මැද ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි (වීඩියෝ)

මේ මහරගම ඉන්නවා නම් ඒ විදයට ඉඳපං හු** නැතුව හු*** පුතා.. ඕන දෙයක් කියපං ගිහිල්ලා බයවෙයි අපි – මහරගම රථවාහන අංශයේ පොලිස් ඩබලක් මහ දවාලේ දෙනෝ දාහක් මැද ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි (වීඩියෝ)

31649 Views

පොලිසිය යනු මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා මහජන බදු මුදලින් නඩත්තු වෙන ආයතනයකි. නිරතුරුවම සිවිල් සමාජය සමග ගණුදෙනු කරන පොලිස් නිලධාරීන්ගේ විනයගරුක භාවය තව තවත් වැඩි දියුණු කර රටේ සාමන්‍ය ජනතාවට සුහදශීලී ගුණාත්මක පොලිස් සේවාවක් ලබා දීමේ අරමුණෙන් යුතුව වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා උදෑසන භාවන වැඩසටනක් පවා ක්‍රියාත්මක කරන බව පසුගිය කාලයේ මාධ්‍ය මගින් රටට හෙළිදරව් ක‍ළේය.

තත්වය එසේ තිබියදී විනගරුක බව කෙසේ වෙතත් අඩු තරමේ ප්‍රසිද්ධ ස්ථානයක ජනතාව ඉදිරියේ හැසිරීමටවත් නොදන්නා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වීඩියෝවක් මේ දිනවලා සමාජ ජාලා වෙබ් අඩවිවල බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන වෙන ආකාරයක් අපට දක්නට ලැබුණි. මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ මහරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් තුලදී වන අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාද මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරි කටයුතු කරනා දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

මෙහිදී සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය.

නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා හේතුවෙන් ඊයේ දිනයේද දිවයිනේ සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි. සිය ගණනක් වූ ජනතාවක් ඉන්ධන ලබා ගැනීමට මහරගම ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටියදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය ගණනක් පෝලිමේ සිටින මිනිසුන් ගැන තුට්ටුවකට මායිම් නොකර තම යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට යාමේදී ඒ අසල සිටි පුද්ගලයෙකු එයට විරෝධය දක්වන්නට විය.

පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදිය පොලිසියට අයත් එකක් නොවන බවත් එය ඔවුන්ගේ පෞද්ගලික යතුරු පැදියක් බවයි එයට විරෝධය දැක්වූ පුද්ගලයා පවසා සිටියේ. මෙයින් කුපිත වන එක් පොලිස් නිලධාරියෙකු විරෝධය දැක්වූ පුද්ගලයාට හු*** පුතා යනුවෙන් දෙනෝ දාහක් බලා සිටියදී ආමන්ත්‍රණය කරමින් තවත් අසභ්‍ය වචර රැසක් භාවිතා කරමින් ගමේ ගොඩේ චන්ඩියෙකු හැසිරෙන ආකාරයට හැසිරෙමින් බැණ වදිනු ලැබේ. එවිට විරෝධය දැක්වූ පුද්ගලයා පවසා සිටින්නේ කතා කරන්න ඉගෙන ගන්නා ලෙසත් පොලිස් නිලධාරියෙකු ලෙස සංවරව හැසෙරන ලෙසත්, තමා හු*** පුතෙකු නොව වැදගත් රැකියාවක් කරන පුද්ගලයෙකු බවත්ය.

මෙවිට කුපිතවන අනෙක් පොලිස් නිලධාරීයා පැමිණ “මේ මහරගම ඉන්නවා නම් ඒ විදයට ඉඳපං හු** නැතුව හු** පුතා.. ඕන දෙයක් කියපං ගිහිල්ලා බයවෙයි අපි” යනුවෙන් නැවතත් අසභ්‍ය වචනයෙන් බැණ වදියි. පොලිසියේ මෙම හැසිරීම එහි සිටි බොහෝ දෙනාගේ දැඩි පිලිකුලට ලක්වූ අතර සාමාන්‍ය ජනතාවගේ විනය හැදීමට පෙර නීතිය හා සාමය ආරක්ෂා කරනා පොලිස් නිලධාරීන්ගේ මූල් ළමා විය සංවර්ධනය කළ යුතු බවත් ඔවුන් පැවසූ බව දැන ගන්නට ලැබේ.

කෙසේ වෙතත් මහජන මුදලින් නඩත්තු වෙමින් සිවිල් නීතිය හා සාමය ආරක්ෂා කරමින් මහජන සේවය වෙනුවෙන් කැපවී ඇති ආයතනයක සිටින නිලධාරීන්ගේ මෙවැනි පහත් තත්වයේ හැසිරීම් කිසි ලෙසකින්වත් අනුමත කල නොහැකි අතර මෙවැනි තුට්ටු දෙකේ පොලිස් නිලධාරීන්ගේ වැඩ නිසා තම රාජකාරී අකුරට ඉටු කරමින් ජනතා සේවයටම කැපවී සිටින පොලිස් නිලධාරීන්ගේ කීර්ති නාමයට හා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කිර්ති නාමයට හානියක් සිදු වන බව නම් පැවසිය යුතුය. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමනි, පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමනි මෙය ඔබේ අවධානය පිණිස යොමු කරන්නෙමු.

වීඩියෝව පහතින් බලන්න (අසභ්‍ය වචන අන්තර්ගත බව කරුණාවෙන් සළකන්න)

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924