
අපි ජීවත් වෙන්නෙ ලෝක ඉතිහාසේ සෑහෙන්න සාමකාමී කාලෙක වුනත් ඒකෙන් කියන්න බැහැ ලෝකෙ අවදානමකින් තොරයි කියලා. ඔබේ ජිවිතේ පුංචි වෙනස්කමකින්, එහෙම නැත්නම් පොඩි පුරුද්දක් නිසා සමහර අවස්ථා වලදී ජීවිතේ අවසානය ද ජීවිතේ බේරගන්නවද කියලා හිතාගන්න අමාරු අසීරු තත්වයන් ඇතිවෙන්න පුළුවන් . වැඩි මහන්සියක් නැතුවම එහෙම ජිවිතේ බේරගන්න පුළුවන් පුංචි පුරුදු ටිකක් තමයි අද අපි ඉදිරිපත් කරන්න යන්නෙ. 1. යතුරු, මුදල් හා ජංගම දුරකථනය මොකක්ද ඒකෙ තියෙන වැදගත්කම? හැම වෙලාවෙම ජංගම දුරකථනය අතේ තියාගත්තම හදිසියකදි ඔබට ඉක්මනින් ඔබේ පවුලේ සාමාජිකයන් හෝ මිතුරෙක් අමතා උදව් ඉල්ලන්න පුළුවන් . හදිසි අනතුරකදි වුනත් ගිලන්රථ සේවාවකට ඇමතුමක් ලබාගන්න අවශ්‍ය වෙන නිසා තවත් කෙනෙකුගේ ජීවිතයක් රැක ගැනීමටත් ඔබට හැකියාවක් ලැබෙනවා. යතුරු රැගෙන යන එක වැදගත් වෙන්නෙ ඔබ ආපසු නිවසට එන වෙලාවකට තමයි. ඔබ නිවසට එන වෙලාවට නිවසේ කවුරුත් නැත්නම් යතුරු අමතක කරලා ගියොත් ඔබට සෑහෙන්න කරදරයකට මුහුණ දෙන්න වෙනවා. 2. වැරදීමකින් කාගේ හරි ඇඟේ හැපුනොත් සමාව ඉල්ලන්න. 3. හැමවෙලේම පිටවීමේ දොරටු තුනක් සිහි තබාගන්න. මේ හදිසි පිටවීම් දොරක්ම වියයුතු නැහැ. විවෘත විශාල ජනේලයක් වුනත් හදිසියකදී පිටතට යාමට උදව්වක් වෙනවා. 4. ආගන්තුකයන් කෙරේ අවධානයෙන් සිටින්න. 5. ගුවන් යානයක ගමන්කරන විට හදිසි පිවිසුමට ඇති ආසන ගණන මතක තබාගන්න. බොහෝවිට හදිසි තත්වයකදී ගුවන් යානය තුල දුමින් පිරී යන්න පුළුවන්. එහෙම හදිසි අවස්ථාවකදී හිත කලබල වීමත් එක්ක අඳුරේ පිවිසුමට සොයාගන්න අපහසුයි. ඒත් ඔබ සිටින තැන ඉඳන් හදිසි පිවිසුමට ඇති ආසන ගණන දන්නවා නම් හෙඩ් රෙස්ට් ගණන් කරගෙන ඔබට එතනට ඉක්මනින් ළඟාවෙන්න පුළුවන්. 6. බාහු ශක්තිමත් කිරීම ඇයි ඒක වැදගත් වෙන්නේ? බොහොමයක් හදිසි අවස්ථා වලදී ඔබට තදින් යමක් අල්ලාගෙන හෝ එල්ලීගෙන ඉන්න සිදුවෙනවා. එහෙම අවස්ථාවක ඔබ මැණික් කටුවේ මාංශ පේශි නිසි පරිදි පුහුණු කරලා තිබුන නම් බොහෝ කාලයක් එකම ඉරියව්වක් පවත්වාගෙන ජීවිතය රැකගැනීමට ඔබට හැකිවේවි. 7. දියේ ගිලෙමින් පවතින වාහනයකින් එළියට පැමිණීම
ඔබ නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම ලඟ තබ ගතයුතු දේවල් තුන තමයි යතුරු , මුදල් හා ජංගම දුරකථනය කියන්නෙ.
ඇත්තටම ඔබ වැරදි නැති වුනත් මොහොතක් නැවතිලා ඇඟේ හැපුන කෙනාගෙන් සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. ඇයි ඒක වැදගත් වෙන්නේ? ඔබට කියන්න බැහැ සමාජය තුල ඔබ ආරක්ෂිතයි කියලා . ඔබ ඇඟේ හැපුන පුද්ගලයා ඇතැම්විට තියුණු ආයුධයක් ළඟ තිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම තරහකින් ඉන්න කෙනෙක්, බීමත් පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මොහොතක් නැවතිලා සමාව ඉල්ලලා යන එක ඔබට ඇතිවෙන්න පුළුවන් ගැටළු අවම කරගැනීමක් .
ඔබ යන එන තැන්වලදී දුම්රිය නැවතුමකදී, සංගීත ප්‍රසංගයකදී , කාර්යාලයේදී , පාසලේදී වුනත් හදිසි අවස්ථාවක පිටව යන්න පුළුවන් දොරටු තුනක් මතකයේ තියාගන්න. අවට නිරීක්ෂණය කරලා මේ දොරටු මුලින්ම හඳුනාගෙන හිටියොත් හදිසි අවස්ථාවක හිත හිතා ඉන්නේ නැතුව දුවන පිරිසේ ඔබත් ඉඳීවි.
PLAY THE “FIND A BAD GUY” GAME. ඒ කියන්නේ තමන් අවට සිටින ආගන්තුකයන් ගැන අවධානය යොමුකරන්න. පොදු ප්‍රවාහන සේවයකදී වුනත් තරහෙන් , එහෙම නැත්නම් බය වෙලා වගේ ඉන්න අයව පොඩ්ඩක් වැඩි අවධානයක් යොමුකරන්න. යම් කිසි පුද්ගලයෙක් ගැන අපේ මුල්ම සිතුවිල්ල වැරදෙන්නේ හරිම කලාතුරකින්.ඒ නිසා ඔබට අනතුරුදායකයි කියලා දැනෙන කෙනෙක් ඇත්තටම අනතුරුදායක වෙන්න පුළුවන්. යම් කෙනෙක් ගැන ඔබට එහෙම දැනුන ගමන් ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන එක ඇඟට ගුණයි.
ඔබ ගුවන් යානයක ගමන්කරන විට හදිසි පිවිසුමට ඇති ආසන ගණන මතක තබාගැනීම කොයිතරම් වැදගත්ද කියලා ඔබ දන්නවාද ?
ඔබ ජිවිතේ කවදාහරි දවසක chin-ups, එහෙමත් නැත්නම් අත්වලින් එල්ලී කරන ව්‍යායාම සිදුකර තිබේනම් අතේ මැණික් කටුව ප්‍රදේශය ඉතා ඉක්මනින් වෙහෙසට පත්වෙන බව අත්දැකීමෙන් දන්නවා.මැණික් කටුව ප්‍රදේශයට අවශ්‍ය ව්‍යායාම දිනපතා සිදුකිරීමෙන් ශක්තිමත් බාහුවක් ලබාගන්න පුළුවන්.
ගිලෙන්න යන වාහනේක ඔබ සිරවෙලා නම් මුලින්ම කරන්න තියෙන්නේ සීට් බෙල්ට් අයින් කරගන්න එක. හැමවිටම දොර අරින්න උත්සාහ කරනවට වඩා ජනේලයක් විවෘත කරගන්න බලන්න. එහෙමත් නැත්නම් තියුණු උපාංගයක් අරන් ( ගලවන්න පුළුවන් හෙඩ් රෙස්ට් එකක් වගේ ) වීදුරුව බිඳින්න. ජීවිතය ගලවාගන්න තියෙන අන්තිම මිනිත්තුවත් වතුරේ පීඩනයට හිර වෙලා තියෙන දොර අරින්න උත්සාහ කරන්න ගතකරන්නේ නැතුව ඉක්මනට වාහනයෙන් ඉවත්වෙන්න ඔබට පුළුවන්.
Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0!
caller_get_posts
is deprecated. Use ignore_sticky_posts
instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697