Health

COVID මරණ අගය වෙනස් වෙයි…

අද (16) දින කොරෝනා මරණ වාර්තා අගයෙහි වෙනසක් සිදුවීමත් සමග තවත් මරණ 118ක් වාර්තා වී ඇත. ඒ සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11817ක් ලෙසට සටහන් වනවා.

ඊයේ (15) තහවුරු කල මෙම මරණ අතර කාන්තාවන් 57ක් සහ පිරිමි පුද්ගලයින් 61ක් සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මේවනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වයස් බේදයකින් තොරව ඉහල යමින් පවතී. වැඩි වශයෙන් වාර්තා වන්නේ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ වන අතර එම සංඛ්‍යාව 95ක් වනවා. ඒ කාන්තාවන් 46ක් සහ පිරිමි 49ක් වශයෙන්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 23ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 12ක් සහ කාන්තාවන් 11ක් වශයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button