Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා | Gossip Lanka Sinhala News
Aug
28
ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා

ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා

715 Views

ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් හමුවේ තමන් මේ ගැන සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් ඒ මහතා කියා සිටියි.

තමන් මෙතෙක් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා දැනට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල පහල යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩු වී නැතැයිද සඳහන් කළේය.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924