Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
අනියම් බිරිඳට පොල්ලකින් පහර දී වළලා දැමු ඉන්දිකට වැඩ වරදී | Gossip Lanka Sinhala News
Aug
29
අනියම් බිරිඳට පොල්ලකින් පහර දී වළලා දැමු ඉන්දිකට වැඩ වරදී

අනියම් බිරිඳට පොල්ලකින් පහර දී වළලා දැමු ඉන්දිකට වැඩ වරදී

1042 Views

පසුගිය 23 වැනිදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨා සයේ, අඹගස්දෝව පොලිස් වසමෙන්ද එලෙස කාන්තා වක ඝාතනය කොට වළ දමා තිබූ පුවතක් සැල විණි. එම කාන්තාවගේ වළ දමා තිබූ මළසිරුර ගොඩ ගතෙ තවත් ඛේදවාචකයක සුලමුල සියල්ල හෙළි වෙමිනි. වසර අටක පමණ කාලයක් එකම වහලක් යට දීග කමින් සිටි සිය අනි යම් සැමියා විසින් සනාතනය කර තිබුණේ 36 හැවිරිදි රමණි සේපාලිකා නමැති සිවුදරු මවකි. අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායකට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලැබුණු හෝඩුවාවක් මත එම අමාතනය සිදු වී දින කීපයක් තුළ සැකකරුද අත්අඩංගුවට ගෙන සියල්ල හෙළි කරගැනීමට සමත් විණි.

එම ශෝචනීය කතාන්දරයේ අගමුල මෙලෙසිනි. රමණී ස්පාලිකා අඹගස්දෝව පොලිස් වසමේ කදෙ ඇළ, ගොඩකුඹුරේ විසු කාන්තාවකි. ඇය වසර අටක පමණ කලෙක සිට විසුවේ 40 හැවිරිදි ඉන්දික ප්‍රේමතිලකගේ අනිය යම් බිරිය ලෙසිනි. ඉන්දික සමඟ අඹගස්දෝවේ, මැදහින්නේ විසු දෙදෙනාට දාව වයස අවුරුදු පහක සහ තුනක දරුවන් දෙදෙනෙකි. සේපාලිකා මීට පෙරද නීත්‍යනුකූලව විවාහ වී සිටි කාන්තාවකි. එම විවාහයෙන්ද ඇයට දරුවන් දෙදෙනෙකි. නීත්‍යනුකූල විවාහය හැර දමා ඉන්දිකගේ අනියම් බිරිය ලෙස පැමිණීමත් සමඟ ඇගේ දෙමාපියන්ද ඇයව සිය පවුලෙන් ඉවත් කළාය.

ඉන්දික වසර පහක පමණ කාලයක් යුද හමුදාවේ සිට පලා ආ අයෙකි. ඔහු යුද හමුදා සේවයේ යෙදී සිටියදිත් අනුරාධපුරයේ කාන්තාවක හා විවාහ වී සිටියේය. අනතුරුව එම කාන්තාව අත්හැර දැමු ඉන්දික වැලිමඩ, නැදුන්ගමුවේ කාන්තාවක හා විවාහ විය. එම විචාහයෙන් දරුවෙක්ද සිටී. කල්ගත වෙද්දී ඉන්දික එම කාන්තාවද අත්හැර දැමුවේය. මේ වන විට එම කාන්තාව ඉන්දිකගෙන් දික්ක සාද වීමට අධිකරණයේ නඩුවක්ද ගොනුකර

හරිහැටි රැකියාවක්ද නොකළ මත්පැන් පාන යටද අධික ලෙස ඇබ්බැහිව සිටි ඉන්දික පසුගිය කාලයේ කල් ගෙවූයේ පළාතේ ප්‍රබල මංකො” ල්ලකාරයෙක් ලෙසිනි. ඔහුට එරෙහිව අධිකර ණවල නඩු 25කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පොලිසිය සඳහන් කරයි. එසේම ඔහුට තවත් කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුර තිබූ බවත් පොලිසියට වාරතා වී තිබිණි. පසුගිය කාලයේ ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් ගණනාව ක් නිසා ඉන්දිකට කිහිප විටකදීම බන්ධනාගා රයේ කුරු ගනින්නටද වූයේය.

එසේ විමාන්ඩ් බාරයේ සිටින කල ඔවුන්ගේ අනියම් බිරිය ස්පාලිකා වෙනත් පුද්ගලයන් හා සබඳතා පවත්වන බවට ඉන්දික පසු වූයේ දැඩි සැකයකිනි. එම සැක සංකා නිසා දෙදෙනා අතර පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී අඩදබරද හට ගැනිණි. එවැනි අවස්ථාවලදී සේපාලිකා දින, සති, මාස ගණන් නිවෙසෙන් ගොස් නැදෑ හිතවතුන්ගේ නිවෙස්වල කල් ගත කළ බවත් සැල වේ. දිනය පසුගිය 15 වැනිදා රාත්‍රී 11ට පමණය. එදින ඉන්දික පදමට සූර් වී සිටියේය.

දෙදෙනා අතර බහින්බස් වීමක් හටගතෙ සැක සංකා කතන්දර නිසාවෙනි. බහින්බස් වීම කෙළවර වූයේ ඉන්දික පොල්ලකින් සේපාලිකාට තඩි බෑමත් සමගිනි. පොලු පහර කෑ සේපාලිකා එම කුඩා නිවෙසේ වූ එකම කාමරයේ ඇඳෙහි දරු දෙදෙනාද තුරුලු කරගෙන නිදාගත්තාය. ඉන්දික ඒ අසල පුටු වක නින්දට වැටුණි. නිවෙස් විදුලියද නොවූ හෙයින් ගන අන්ධකාරය නිසා සිදු වූයේ කුමක්ද යන්න දෙදෙනාටම එතරම් වැටහීමක් නොවිණි. අලුයම අවදි වූ ඉන්දික, ස්පාලිකා ගැන සෝදිසි කර බැලුවේය. ඇයට එල්ල කළ පොලු පහර නිසාවෙන් ඒ වන විටත් ස්පාලිකා මිය ගොස් සිටියාය.

අලුයම අවදි වූ ඉන්දික, සේපාලිකා ගැන සෝදිසි කර බැලුවේය. ඇයට එල්ල කළ පොලු පහර නිසාවෙන් ඒ වන විටත් ස්පාලිකා මිය ගොස් සිටියාය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දික මුලින්ම දරුවන් දෙදෙනා රැගෙන ගොස් නතර කමල් සිය නිවෙසට යාබද ඉන්දිකගේ තාත්තා විසූ මහ ගෙදරයි.

නැවතත් නිවෙසට පැමිණි ඉන්දික මුළු නිවෙසම සෝදා පිරිසුදු කළේ ගැටුමෙන් වූ ලේ පැල්ලම් ඇතුළු සියලු සලකුණු ඉවත් කිරීම සඳහායි. එදින නිවෙසේ ගත කළ ඔහු රාත්‍රියේ ඩෙස්පාලිකාගේ මළසිය රුර නිවෙසේ වූ කර්ට්න් රෙදිකඩකින් ඔතා නිවෙසට මීටර් 30ක පමණ ඈතින් වූ තම පියාට අයත් වගා භූමියට රැගෙන ගියේය. එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළක් කපා වළ දැමුවේය.

කිසිවක් නොවූ පරිදි එම නිවෙසේම දින දෙකක් පමණ ගත කළ ඉන්දිකට සිහිපත් වූයේ වැලිමඩ, නැදුන්ගමුවේ වෙසෙන තම නිත්‍යානුකූල බිරියයි. පසුගිය 18 වැනිදා දින ඔහු එම නිවෙසට යන්නට ගියේ දරුවන් දෙදෙනා තම පියාට බලා ගැනීමට කියමිනි. නැදුන්ගමුවේ නිවෙසට ගිය ඉන්දිකගෙන් නිත්‍යනුකූල බිරිය විමසන්නට වුයේ,

‘මොකෝ මෙහේ ආවේ…” කියායි. “මං අර ගෑනිත් එක්ක තිබුණ සම්බන්ධය නතර කළා. මට දැන් ඒකිව එපා වෙලා තියෙන්නෙ. ගහලා පැන්නුවා. මට ඔයත් එක්කයි ඉන්න ඕනෙ..” ඉන්දික බැගෑපත්ව කියන්නට වූයේය. “නෑ.. නෑ.. මං තමුසෙත් එක්ක ඉන්න කැමැති නෑ.. තමුසෙට විරුද්ධව මං නඩු දාලා තියෙන්නෙ. මං තමුසෙත් එක්ක එක මොහොතක්වත් ඉන්න කැමැති නෑ…” නීත්‍යානුකූල බිරිය ඉන්දිකගේ ඇඟට කඩා පනින්නට වූවාය. එහෙත් ඉන්දික, එම කාන්තාවගේ දෙපා මුල වැඳ වැටී සමාව අයැදිමින් පිසෙණ්ඩු වූයේ ඇය සමඟ එම නිවෙසේ විසීමට කැමැති බව කියමිනි. ඊට ඇයගේද හිත උණු වූවාය.

ඉත්පසු ඉන්දික එම නිවෙසේ විසූවේය. සියල්ල කාලයා විසින් අකාමකා දමා විසඳාවි යැයි ඉන්දික සිතූහ. එහෙත් පසුගිය 22 වැනිදා අඹගස්දෝව පොලිස් ස්ථානා” ධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායකට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබුණේය. “සර්.. මැදහිනෙ හිටියා සේපාලිකා කියලා කාන්තා වක්. ඇය ජීවත් වුණේ අනියම් සැමියා සමඟ.

පසුගිය දින ටිකේම ඒ කාන්තාව පේන්න නෑ.. කතාවක් යනවා අනියම් සැමියා ඒ කාන්තාව මරලා වළ දාලා කියලා..” ස්ථානාධිපතිවරයා විසින් ලැබුණු තොරතුර පිළිබඳව බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා ද දැනුම්වත් කිරිමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි බී. එච්. එස්. කළණසිරි ගේද මඟපෙන්වීමෙන් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයකට ස්ථානාධිපති වරයා විසින් මුල පිරුවේය.

අනතුරුව ස්ථානාධිපතිව රයා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් මුලින්ම මැදහිනෙ, සේපාලිකා විසූ නිවෙසට ගොස් සෝදිසිකර බැලුවේ හෝඩුවාව සත්‍යයද යන්නයි. නිවෙසේ කිසිවෙක් නොවූහ. යාබද නිවෙසේ වූ ස්පාලිකාගේ අනියම් සැමියා වන ඉන්දිකගේ පියාගෙන් නිලධාරින් විමසුවේ,

“කෝ. පුතා.. කොහේද ගියේ මිනිහා..” කියායි. “සර්.. දැනට සතියකට විතර ගෑනියි මිනිහයි රණ්ඩු වුණා… ඉන්දිකයා දරුවෝ දෙන්නත් මෙහේ දාලා පළවැනි ගෑනිගේ ගෙදර යනවා කියලා ගියා,හැබැයි ස්පාලිකා නම් කොහේ ගියාද දන්නෙ නෑ සර්..” කියාය. “කොහේද පළවැනි ගැනු කෙනාගේ ගෙවල්..”

“නැදුන්ගමුවේ සර්…” ක්ෂණයෙන් පොලිස් නිලධාරීන් යන්නට වූයේ අඹගය දෝවේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් වූ වැලිමඩ පොලිස් වසමට අයත් නැදුන්ගමුවේ පිහිටි ඉන්දිකගේ නිත්‍යානුකූල බිරියගේ නිවෙසටයි. පොලිස් නිලධාරින් යන විට ඔහු නිවෙසේ විය.

“කෝ තමුසෙගෙ ගෑනු මනුස්සයා… ” ස්ථානාධිපතිවරයා විමසුවේය. “අනේ සර්… ගෑනි තරහ වෙලා ගියානේ… එයා මීට පෙරත් තරහවෙලා ගෙදරින් යනවා… මාස ගණන් එයාගේ යාළුවගේ නැත්නම් නෑදෑ ගෙවල්වල ඉඳලා එනෙ.. එහෙම ගිහින් එනවා… බලන්න සර් මාසයක් විතර..

දෙවි යන් පල්ලා සර්., ” වෙවුලමින් ඉන්දික පවසන්නට වූයේය. නිලධාරින්ට ඔහුගේ ඉරියව්හි වෙනස්කම් හොඳින්ම දිව න්නට විය. “ඇත්ත කියනවා. අපට තොරතුරක් ලැබිලා තියෙනවා මරලා වළ දාලා කියලා..” ස්ථානාධිපතිවරයාගේ එම ප්‍රකා ශයත් සමඟ ඉන්දික වෙලන්නට විය.

“මොකද තමා මේ වෙවුලනෙ.” නිලධාරිහු විමසුහ. පොලිස් නිලධාරින්ගෙන් ගැලවීමක් නොමැති බව ඉන්දි කට වැටහිණි. “අනේ සර්. මං ඇත්ත කියන්නම්… ඔව් සර්. මං ඒ අප රාදේ කළා. එදා මං බීලා හිටියේ.. මට මුකුත්ම හිතාගන්න බැරි වුi1.w එම පාපෝචාරණයත් සමඟ සේපාලිකාට සිදුවූ බෙද නීය ඉරණමේ සියලු තතු හෙළි වන්නට විය. එකී පාපතරයා නිසා ස්පාලිකා මෙලොව හැර යද්දී අහිංසක දරු පැටවුන් දෙදෙනාට තම මචත්, පියාත් දෙදෙනාම අහිමි වී ගොසිනි.

අනතුරුව අධිකරණ නියෝග මත පසුගිය 23 වැනිදා වැලිමඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසේස්කර ඉදිරියේ ඉන්දිකගේ පාපෝච්චාරණ මත සේපාලිකාගේ සිරුර ගොඩ ගැනිණි. දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එච්.එම්, සුරංග විසින් දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරනු ලැබීය. “

උපුටාගැනීම – සිළුමිණ

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924