Deprecated: Function create_function() is deprecated in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/themes/gossiplankasinhala/inc/widgets/BootstrapBasicSearchWidget.php on line 118
අධිවේගයෙන් මතුවූ අධිබලැති යතුරුපැදිය | Gossip Lanka Sinhala News
Oct
14
අධිවේගයෙන් මතුවූ අධිබලැති යතුරුපැදිය

අධිවේගයෙන් මතුවූ අධිබලැති යතුරුපැදිය

1885 Views

මෙරට මාර්ගවල ධාවනයට අනුමැතිය ලබාදී නොමැති අධිබලැති යතුරුපැදියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිබලැති යතුරුපැදිය වෑන් රථයක දමාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

ගැලණිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිවිසුමෙන් කොළඹ දෙසට යාමට පැමිණි වෑන් රථය පරික්ෂා කිරීමේදී අධිවේගී රථවාහන පොලිසියේ නිලධාරීන් එම යතුරුපැදිය දැක ඇත.

පසුව යතුරුපැදිය සහ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලීසියට භාරදී ඇත.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ, මූහුණුපොතෙන් දැන හඳුනාගත් පුද්ගලයකුගෙන් බණ්ඩාරගම නගරය ආසන්නයේ දී එම යතුරුපැදිය මිලදී ගත් බවය.

එම ගනුදෙනුව සඳහා කිසිදු ලිපි ලේඛනයක් හුවමාරුකර නොගත් බවත් යතුරුපැදිය විකුණූ පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් යතුරු පැදිය රැගෙන පුද්ගලයන් සිව්දෙනකු පැමිණ සිටි බවත් සැකකරුවන් පොලීසිය කියා තිබේ.

රේස් පැදීමට ඇති ආසාව හේතුවෙන් යතුරුපැදිය මිලදීගත් බව ඔවුන් පොලීසියට සිදුකළ ප්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්

Deprecated: Function WP_Query was called with an argument that is deprecated since version 3.1.0! caller_get_posts is deprecated. Use ignore_sticky_posts instead. in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-includes/functions.php on line 5697

Notice: Undefined index: popup_cookie_yoixg in /home/u507968101/domains/gossiplankasinhala.com/public_html/wp-content/plugins/cardoza-facebook-like-box/cardoza_facebook_like_box.php on line 924